මිථ්‍යාව නැතිකොට සික් එකද?

අශාන් වීරසිංහ - මිථ්‍යාව මිනිස්සුන්ගේ ජීවිතවලට පුදුමාකාර විදිහට බැඳී ඇති දෙයක්. සමහර තැන්වලදී ආගම කියන සාධකය පවා මිථ්‍යාවට යට වෙන හැටි බලාගන්න අපි අතරෙම තියෙන හොඳ උදාහරණයක් තමා එදිනෙදා ජීවිතවලදී තමන් 'හොඳ බෞද්ධයන්' බව හිතාගෙන ඉන්න බොහෝ අය පවා ඊට වඩා ඉහළ තැනක් මිථ්‍යාවට ලබා දෙන එක. 'සැබෑ බුද්ධාගම', 'හරි බුද්ධාගම' වගේ දේවල් හොයන්න යන …

Advertisements

මිථ්‍යාදෘෂ්ටියේ නිල ‘ජාතිකකරණය’

අශාන් වීරසිංහ -  අප මේ ගතකරමින් සිටින්නේ මිථ්‍යාවෙන් නොව විද්‍යාවෙන් ලෝකය දෙස බලන කාලයකි. ලෝකයක් ඉස්සරහට ගමන් කරන්නේ එහෙමය. විද්‍යාව සාකල්‍යයෙන්ම අංගසම්පූර්ණ හා සැමවිටම 'හරි' ම දැනුම් නිෂ්පාදනයක් සිදු කරන ක්ෂේත්‍රයක් බව අප කිසිසේතම පිළිගන්නේ නැත. එහෙත්, විද්‍යාවේ ඇති පදනම් සහගතම ලස්සන වන්නේ පවතින දැනුම පරීක්ෂණ සහ භෞතික ප්‍රශ්න කිරීම්වලට ලක් කොට යාවත්කාල වීමටත්, දැනුම …

පායයිද ඕයි සූරියා…

බෙල්ලේ බරට යන්තර කන්නේ කුසට මන්තර රෙන්නෙත් බයේ රාහුට එළි වෙද එහෙම රටකට?   ලාෆින් බුද්ධ ඇවිදින් හොම්බෙන් යන්නෙ අපි දැන් කිවුවට වැඩක් නැත්තෙන් ගෞතම බුද්ධ ස්ලීපින්   හීලෑ බණට, යක්කුය ධර්මෙත් මරණ චණ්ඩිය කොයි හැටි වෙතත් කට්ටිය, හූනොත් දමති කිණ්ඩිය   තිවුවට ඡන්ද සද්දෙන් හැමදා දනෝ පීචං කට්ටඬියන්ගෙ පිහිටෙන් එතුමෝ කරත් රට පල් (2018-09-18)

කහ මල් සහ කහ පල්

- අශාන් වීරසිංහ සමිඳ ඔබ දෙසු බව කියන බණ පද කහ මල් වැටෙන කාලෙට පේරාදෙණිය මෙනි. පය තබන්නත් දුකේ බෑ ඒ තරමටම ලස්සන, නැති ආදරෙත් ඉපදෙන හීතල! එමලෙත් කියන්නා මෙන් එකලට ආදරෙත්, පේරාදෙණියෙ කහ මල් වාගේ ය. * අවීචියක කල්පය පටන් ගත්තා පමණය. අනෝරා වැස්සේ පෙඟි පෙඟී මහමග අමණ රතියේ ගිලී පල් වෙන කහපල් පියවි …

රැඩිකල්, ගොබ්බ රැඩිකල් සහ නිරාගමික ගොබ්බ රැඩිකල්

'රැඩිකල්' කියන්නේ මේ කාලෙ වැඩිපුරම අපයෝජනයට ලක් වෙන වචනය කියන එක වැරදි වෙන්න විදිහක් නෑ. මේ වචනය යම් සමානකමක් දක්වනවා නම් ඒ අර සම්භාව්‍ය කියන ලයින් එක ඇඟේ හළාගෙන "ගේය පද" චක්‍රවර්තිලා (උන් "ගී", "ගීත", "සින්දු" නෙමෙයි ලියන්නෙ, "ගේය". ඒක වෙනම ආතල් එකක්) වෙන්න හිතාගෙන ඉනන කට්ටිය කොච්චරවාත් වමාරන 'සුභාවිත' කියන එකට විතරයි. ඔය දෙවෙනියට …

මෛන්ද ගුලි

අශාන් වීරසිංහ -  කාලෙකට පස්සේ හිත සන්තෝසෙම්ම පැය ගාණක් ගෙවුණ දවසක් උදා වුණා නම් ඒ ඊයේ. දුන්න ටෝකේ හැටියට අද අලුත් ආණ්ඩුවක් පිහිටුවන්නත් නියමිතව තිබුණ හින්දා අපේ ඔෆීසියේ ඇයෝ දවස ගානෙම කිවුවෙ අසාං, ගෙදර පලයං, පරිස්සමට ගියා කියලා පණිවුඩයක් දීපං, පාරවල් කචල් නම් හෙට එන්නත් ඕන නෑ කියා ය (අන්න රස්සාවල්!, හැබැයි ආණ්ඩු පෙරළන එක …

ඒක තමා මේක..!

අශාන් වීරසිංහ - බෞද්ධ දර්ශනය වෙනුවට බෞද්ධ සාහිත්‍යය බුද්ධ භාෂිතය හැටියට අරගෙන බුද්ධාගම වෙනුවෙන් මාරාන්තික අරගලයක යෙදෙන අය කොච්චර කිවුවත් අපාය, දිව්‍ය ලෝකය වගේ අභෞතික දේවල් ප්‍රශ්න කරන්න යනවා කියන්නෙ නිකාං ඉල්ලගෙන කනවා වගේ වැඩක්. විශේෂයෙන්ම ඕවත් ඇතුළුව 'සිංහල බුද්ධාගමේ' (මෙහෙ කට්ටිය හිතින් හිතාන අදහනවැයි කියන බුද්ධාගමේ වර්ෂන් එක) සමහර දේවල් ගැන ලොරි ටෝක් දෙන්න …