පින්බර වැලන්ටයින් මංග්‍යයක් වේවා!

Valentine Day කියන සංකල්පය සහ ‘පෙම්වතුන්ගේ දිනය’ හැටියට දිනයක් වෙන් කරගෙන සැමරීම ගැන විවිධ කතාබහ තිබුණත් මේකත් එක්තරා සංස්කෘතික භාවිතයක් විදිහට මේ වන විට ලෝකය පුරාම පැතිරිලා ඉවරයි. සාමාන්‍යයෙන් නිදහස් මනසක් තියෙන මිනිස්සු මේ රෝස මල්, චොකලට්, තෑගි භෝග, සහ තවත් අරුමෝසම් එක්ක ෆන් එකක් ගන්න මේක සෙලිබ්‍රේට් කරනවා. අපේ රටෙත් එහෙම නොවෙනවා කියන්න බෑ. හැබැයි වැලන්ටයින් දිනය කියපු ගමන් අපේ වැඩි දෙනෙක්ගෙ කටට ඉස්සෙල්ලාම එන්නෙ ‘ලැගුම්හල්’, ‘පොලීසි’, වැලන්ටයින් සමරන්න රූම්වලට ගිය කපල්ස් අල්ලන්න පොලීසියෙන් කරන වැටලීම්, ‘කොන්ඩම්’, පතිවත ගැන කියකියා අඬන එවුන්, සංස්කෘතිය මතක් කරකර මෝඩ ටෝක්ස් ටික දෙන ජනාධිපති ඇතුළු දේසපාලුවෝ වගේ සිතුවිලි කීපයක්. ඒත් ඒක වැරදිද? එහෙම වෙන්නෙ ඉබේමද? එහෙම හිතෙන්න, සාක්ෂි තිබුණත් නැතත් එහෙම හිතන ගානට පත් වෙන්න අපේ දෘෂ්ටිවාදය පුහුණු කරලා නැද්ද?

දැන් දවස් කීපෙකට කලින් ඉඳන්ම බුකියේ ශෙයාර් වෙන අදහසක් තමයි පෙම්වතුන්ගේ දිනය දවසේ ලැගුම්හල් පරීක්ෂා කරන හැටියට සිරිසේන පොලීසියට දැනුම් දීලා කියන එක. යකාගේ හැටියට විමානේ කිවුවා වගේ මේ මෝඩ පාලකයාට මේ ලෝකේ තියෙන හෝ නොතිබෙන ඕනෑම ගොන් කතාවක් පහසුවෙන්ම කියන්න පුළුවන් බව දන්නා නිසා එහෙම තීරණයක් ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ කියන එකයි මුලින්ම හිතෙන්න. ඕන්න සිරිසේන ජාතික පාලකයෙක් හැටියට ඔයා අපි ඉස්සරහා හදාගෙන තියෙන ප්‍රතිරූපෙ, ලැජ්ජයි නේද මහත්තයෝ? ඇත්තටම මේ වගේ ොකතාවක් කිවුවද කියලා හොයා බැලුවත් එක මූලාශ්‍රෙකවත් එහෙම එකක් මට නම් හම්බවුණේ නෑ. මට මිස් වෙන්න විදහකුත් නෑ කියලා හිතෙන්නෙ සාමාන්‍යයෙන් සිරිසේනගේ ගොං කතා මාධ්‍යයකින් මිස් වෙන්න ඉඩ තියෙන්න බැරි නිසා. මිනීමරු ජෝකරයෙක් පන්නලා මෝඩ ජෝකරයෙක් පත්කර ගත්ත ආඩම්බර ජාතියක් අපි!

අපේ එකාලගේ පුංචි චින්තන ලෝකය තුළ තියෙන එකම අදහස, ඒ කියන්නෙ වැලන්ටයින් දවස කියන එක අපේ බහුතරය තේරුම් ගන්නා එකම විදිහ තමයි එදාට කොල්ලො කෙල්ලෝ රූම්ස්වලට ගිහින් සෙක්ස් කරලා virginity නැතිකර ගන්නවා කියන එක. ඇත්තටම ඒක ෆැන්ටසියක් අන්‍යකරණය කිරීමක් නෙමෙයිද? කපල් එකක් සෙක්ස් කරනවා කියන එක විතරක් නෙමෙයි, කෙල්ලෙක් කොල්ලෙක් නිදහස් තැනක කතාකරකර ඉන්න යන එකටත් අපේ වාහෙලා කියන්නෙ “අයාලේ යනවා” කියලා. හැබැයි එහෙම කියන උන් වටේටම අල්ලනවා, කොටු පනිනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන රහසක් නෙමෙයි. ඒවා අයාලේ යාම් නෙමෙයි!

අමුතුවෙන් ඕඩර්ස් දෙන්න ඕන නෑ. කොහොමත් අපේ පොලිස්කාරයොත් මේ වගේ දවස්වලට පට්ට vigilant. කොහොමත් කපල් එකක් ප්‍රසිද්ධියේ බංකුවක වාඩිවෙලා අතින් අල්ලගෙන කතාකරනවා දැක්කත් කොන තෙමාගන්න මුන්ට තියෙන අමාරුවත් එසේමෙසේ එකක් නෙමෙයි. මේ හැමදේකින්ම නැවත නැවතත් පේන්නේ අපි ජීවත් වෙන්නේ ශිෂ්ටාචාරාත්මක වශයෙන් මොනතරම් නොදියුණු, ගෝත්‍රික රටකද කියලා. මෙහෙම කිවුවම මේ “පින් කෙත හෙළ රන් දෙරණේ යළි ඉපදිලා”, ඊළඟ ආත්මයක් තිබ්බොත් ඒකෙදිත් තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ ගොබ්බ කරලා දාන්න ප්‍රාර්ථනා කරන කට්ටියට මළ පනින්න ඉඩ තිබුණත් හැම දේකින්ම පේන්නෙ ඒක.

හැබැයි හැමවෙලේම සිංහලකම, ගැමිකම, සංස්කෘතිය වගේ දේවල් උඩ දදා ස්ටේජ්වල නටන සිරිසේනලා වගේ මෝඩ පාලකයො විතරක් නෙමේ අර හුදී ජනයා කියන එකාත් නොදන්න කතාවක් තමයි ඇත්තටම ඔය ‘සිංහල ගැමි සංස්කෘතිය’ කියන එක ගැන, ඒකේ තිබුණ ලිංගික හා මිනිස් සම්බන්ධතාමය නිදහස ගැන, මිනිස්සු ලෝකය දකින්න පුරුදුවෙලා හිටපු විවෘතභාවය ගැන එහෙම ටිකක් හොයා බැලුවනම් චූ යනවා කියන එක. එහෙම බලපුවාම මේ කට්ටිය එල්ලිලා ඉන්නෙ සිංහල ගැමි සංස්කෘතිය කියන එකේත් නෙමෙයි. දැන් ඔය නිදහස් දවසට එහෙම “සුද්දා අපෙන් නිදහස් වෙලා අවුරුදු මෙච්චරයි”, “ඇයි සුද්දෝ අපිව දාලා ගියේ”, “මෙහෙම හරි ඉන්නේ සුද්දා අපිව අල්ලා අපිට අරිය නිසා තමයි” වගේ “විකල්ප” අදහස් දරන කට්ටියත් සමහරවිට නොදන්නේ මේක වෙන්න පුළුවන්. සුද්දා ඉස්සෙල්ලාම කරේ දෘෂ්ටිවාදීමය වශයෙන් කෙළවපු එක. වැඩවසම් ක්‍රමය අහෝසි කිරීම වගේ දේවල් හොඳ දේ වුණත් (දැං කියල වැඩවසම් නෑනෙ :D) සුද්දා ස්ථාපිත කරපු යටත්විජිත දෘෂ්ටිවාදයේ ප්‍රතිඵලයක්, ප්‍රතිරෝධයක් හැටියට මතු වුණ ‘ස්වදේශිකවාදය’, එහෙමත් නැත්නම් සංස්කෘතික පුනරුද ව්‍යාපාර වගේ දේවලත් ඇත්තටම තිබුණේ ‘සංස්කෘතිකවත්’ පුනරුදයක් නෙමෙයි. සුද්දගේ ඇජෙන්ඩාවම සිංහලෙන් කරගෙන ගිය එක විතරයි. අන්තිමේදි වුණේ සුද්දගේ දෘෂ්ටිවාදයයි, ඒකෙන්ම බිහිවෙලා ‘සංස්කෘතිය බේරා ගනිවු’ කියකියා මැරෙන්න හදපු ‘දේශීයවාදයයි’ දෙකම එකට පට්ටි ගහලා එහෙටත් මෙහෙටත් නැති හයිබ්‍රිඩ් හරකෙක් බවට අපි පත් වුණ එක විතරයි. මුන් අද මේ ප්‍රොමෝට් කරන මහා ලොකු සංස්කෘතියයි කියන එකි කිසිම විදිහකින් සිංහල ගැමි සංස්කෘතිය නොවන බව හිතෙන්නේ අන්න ඒකයි. ඔය ජනකවි ටිකක් එහෙම කියවලා බැලුවත් ඒකේ සමහර පැති අල්ලාගන්න අමාරු නෑ.

සංස්කෘතිය කියන්නෙ නරක දෙයක් නෙමයි. සංස්කෘතිය කියන්නේ රෙද්ද අස්සේ ගහගෙන ඉදවන්න ඕනෑ කෙහෙල් ගෙඩියකුත් නෙමෙයි. මිනිස්සු සතුටින්, ලස්සනට, හොඳින්, අනුන්ගේ ආගම් හා සංස්කෘතීන්ට කෙළවන්න ප්ලෑන් ගහන්නෙ නැතුව මිනිස්සු වගේ ජීවත් වෙන තැන සංස්කෘති එකක් නෙමෙයි කෝටි ගාණක් වුණත් බිහි වෙලා එකට එකතු වෙනවා.

මෙහෙ නම් එවුවා සුම්මා! මම ලස්සන ෆේස්බුක් මීම් එකක් දැක්කා. ඒකේ තිබුණේ මෙහෙම:

”සමූපකාරෙ ගාවට දර එකතු කරන්න ආපු ජයන්ති නැන්දව පන්නාගත්ත සිරිසේන වැලන්ටයින් දවසේ කපල් අල්ලනවා”.

හැපි valentine day සිරිසේන!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )